ප්‍රධාන පුහුණුකරු සහ සහාය කාර්ය මණ්ඩලය බඳවාගැනීම සඳහා අයදුම්පත් කැඳවන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කළා. දැනට එම ධුරවල කටයුතු කරන කණ්ඩායමේ කාලය ඉදිරියේදී අවසන් වනවා. ඒ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ කොදෙව් සංචාරයෙන් අනතුරුවයි.
එය ආරම්භ වන්නේ අගෝස්තු තුන්වනදා. ටෙස්ට් ක්‍රිකට් තරග දෙකක්, එක්දින ජාත්‍යන්තර තරග තුනක් සහ පන්දුවාර විස්ස තරගයක් ඊට අයත්. මේවන විට ඉන්දිීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය දරන්නේ රවී ශාස්ත්‍රි.