fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංස්කෘතික සංචාරක කලාපයක් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරනවා

ITN News Editor
By ITN News Editor ජූලි 16, 2019 17:22

සංස්කෘතික සංචාරක කලාපයක් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරනවා

සංස්කෘතික සංචාරක කලාපයක් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

හම්බන්තොට, මොනරාගල, මඩකලපුව, අම්පාර හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික් කේන්ද්‍ර කර ගනිමින් එය සිදු කිරීමට නියමිතයි.

හම්බන්තොට කසාගල රජමහා විහාරස්ථානයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව හෙළි කළා. සසුනට අරුණ වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘති සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්‍ෂ එක්දහස් විසිහයක්. විහාර මන්දිරයේ චිත්‍ර සංරක්‍ෂණය, භික්‍ෂු නේවාසිකාගාරය හා දානශාලා ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ඇරඹීම ඇතුලු ව්‍යාපෘති කිහිපයක් මෙහිදී ආරම්භ කෙරුණා. විහාරාධිපති පූජ්‍ය තලම්පෝරුවේ ඉන්දසිරි සුමන ස්වාමීන්වහන්සේගේ අනුශාසනා මත මෙම කටයුතු සිදු කෙරෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 16, 2019 17:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්