කොළඹ බ්ලූමැන්ඩල් සිංහල විද්‍යාලයේ සංගීත ඒකකයට අවශ්‍ය උපකරණ ලබාදීම සිදු කෙරුණා. විද්‍යාලයේ ඉදිකළ නව බුද්ධ මන්දිරය ද මීට සමගාමීව විවෘත කෙරුණා.
බ්ලූමැන්ඩල් සිංහල විද්‍යාලයේ සංගීත ඒකකයට අවශ්‍ය උපකරණ ලබා දුන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි යසන්ත ඩයස් මහතාගේ මැදිහත් වීමෙනුයි. ස්වාධීන රූපවාහිනියේ මැදිහත් වීමෙනුයි මෙම උපකරණ විද්‍යාලය වෙත පරිත්‍යාග කෙරුණේ. එම උපකරණ විද්‍යාලය වෙත ලබා දීම ස්වාධීන රූපවාහිනී ප්රවෘත්ති හා කාලීන සිදුවීම් ඒකකයේ කළමණාකරු චතුරංග ද අල්විස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
මේ අතර විද්‍යාලයේ ඉදිකළ නව බුද්ධ මන්දිරය ද විවෘත කෙරුණා. එම ඉදි කිරීම් සදහා දායකත්වය ලබා දුන්නේ කුසුමා මාලතී මහත්මිය ඇතුලු පවුලේ සාමාජිකයින් විසිනුයි. කුසුමා මාලතී මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයින් විද්‍යාලයට සංගීත උපකරණ ලබාදීමට ද දායකත්වය ලබා දුන්නා. මහමෙව්නා අසපුවාසී පූජ්‍ය ආනන්ද රාහුල ස්වාමීන් වහන්සේ මෙහිදී ආගමික වතාවත් සිදුකළා. විදුහල්පති පී කේ ද සිල්වා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.