මුම්බායි හි පිහිටි ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 50 දෙනෙකුට තුවාල සිදුව තිබෙනවා.
මහල් 4 කින් සමන්විත ගොඩනැගිල්ලක් කඩා වැටී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මක වනවා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණයක් ක්‍රියාත්මක බව ඩොන්ග්‍රි පොලිසිය ප්‍රකාශ කළා. නියමිත ප්‍රමිතියෙන් තොරව ගොඩනැගිලි ඉදිකිරිම ඉන්දියාවේ බහුලව පවතින ගැටලුවක් බවයි විදෙස් වාර්තා සදහන් කළේ.