fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Update: උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය යථාතත්වයට

ITN News Editor
By ITN News Editor ජූලි 16, 2019 12:57

Update: උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය යථාතත්වයට

Update:උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය යථාතත්වයට පත්කර තිබෙනවා. පිීලි පැනීමක් හේතුවෙන් අද උදෑසන සිට දුම්රිය ධාවනයට බාධා මතුව තිබූ බවයි පාලක මැරිදිය ප‍්‍රකාශ කළේ. ඒ අනුව දුම්රිය කිහිපයක ධාවනය ප‍්‍රමාද වුණා. පීලිගත කිරිම් අවසන් වීමත් සමඟ මේවන විට දුම්රිය ධාවනය යථාතත්වයට පත්ව ඇති බවයි අප කළ විමසීමකදී පාලක මැදිරිය සදහන් කළේ.

උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය තවමත් ප‍්‍රමාදයි

උතුරු දුම්රිය මාර්ගයේ පීලිගත කිරීමේ කටයුතු තවමත් සිදුකරන බව අනුරාධපුර දුම්රිය ස්ථාන ප‍්‍රකාශකයෙකු සඳහන් කළා. ඒ අනුව දුම්රිය ධාවනය යථා තත්වයට පත්කිරීමට තවත් පැයක් පමණ ගතවනු ඇති බවටයි විශ්වාස කරන්නේ.

අනුරාධපුර අංගනයේ දුම්රිය එන්ජිමක් පීලී පැනීම හේතුවෙන් දුම්රිය ධාවනයේ ප‍්‍රමාදයක් සිදුවුණා. වව්නියාවේ සිට කොටුව බලා ධාවනයවූ දුම්රිය ප‍්‍රමාදවූ බවයි දුම්රිය ප‍්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූලි 16, 2019 12:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්