fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව පොදුරාජ්‍ය මණ්ඩල සාමාජිකත්ව සහයෝගය ශ්‍රී ලංකාවේ ඇගයීමට

ITN News Editor
By ITN News Editor ජූලි 16, 2019 12:04

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව පොදුරාජ්‍ය මණ්ඩල සාමාජිකත්ව සහයෝගය ශ්‍රී ලංකාවේ ඇගයීමට

පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් අනතුරුව පොදුරාජ්‍ය මණ්ඩල සාමාජිකත්වය සහයෝගය ශ්‍රී ලංකාව අගය කළා. ඒ පොදුරාජ්‍ය මණ්ඩලීය විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ රැස්විමේදීයි.

පොදුරාජ්‍ය මණ්ඩලයේ 70 වන සංවත්සරයට සමගාමීව විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුව පැවැත්වුණේ ලන්ඩන් නුවරදී. විදේශ අමාත්‍යවරයා නියෝජනය කරමින් අමාත්‍යාංශයේ ලේකම් රවීනාත් ආරියසිංහ මහතා ඊට එක් වුණා. එහිදී අමාත්‍යාංශ ලේකම්වරයා ඉල්ලා සිටියේ ප්‍රචණ්ඩකාරී අන්තවාදයට එරෙහිව කටයුතු කිරීම සඳහා වැඩි අවදානයක් යොමු කරන ලෙසයි. සාමකාමී සහ ආරක්ෂිත අන්තර්ජාල සේවාවක් සඳහා සාමාජිකයන්ගේ කැපවීම සමඟ පොදුරාජ්‍ය මණ්ඩල සයිබර් ප්‍රකාශය සම්මත කිරීම ඒ මහතා පැසසුමට ලක් කළා. 2016 නීල හරිත සංවර්ධන උපායමාර්ගය හරහා තිරසර සංවර්ධනයට ශ්‍රී ලංකාව තුළ වූ කැපවිමද විදේශ ලේකම්වරයා යළි අවධාරණය කළා. පොදුරාජ්‍ය මණ්ඩල නීති අමාත්‍යවරුන්ගේ සමුළුව ලබන නොවැම්බර් මාසයේ කොළඹදි පැවැත්වීමට නියමිතයි.

 

ITN News Editor
By ITN News Editor ජූලි 16, 2019 12:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්