නාවික හමුදාව මන්නාරම ඌරුමලෙයි ප්රදේශයේ කළ වැටලිමකදී හක්බෙල්ලන් 3212 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නීතිවිරෝධී ලෙස හක්බෙල්ලන් අල්ලමින් සිටියදීයි ඔහු අත්අඩංගුවට ගත්තේ. ධීවර හා ජලජ සම්පත් පනතට අනුව මිලිමිටර් හැත්තෑවට වඩා අඩු විශ්කම්භයකින් යුතු හක්බෙල්ලන් ඇල්ලීම, ළග තබා ගැනීම, මිලදි ගැනිම , ප්රවාහනය හෝ අපනයනය මුළුමනින්ම තහනම් වනවා.