ඇසළ පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් රට පුරා විවිධ ආගමික වැඩසටහන් පැවැත්වෙනවා.
වැදගත් සිදුවීම් රැසක් ද ඇසළ පුන් පොහොය දිනයේදී සිදුව ඇති බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වන්නේ. බුදුන් වහන්සේ පස්වග මහණුන්ට දම්සක් පැවතුම් සූත්රය දේශනා කිරීම, බෝසතුන් මව් කුස තුළ පිළිසිඳ ගැනීම සහ සිද්ධාර්ථ කුමරු ගිහිගෙයින් නික්මීම ද ඒ අතර වනවා.
ITN සවනක් රැස් වැඩසටහන පැවැත්වෙන්නේ කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේදී. සාමනේර භික්ෂූන්වහන්සේට ධර්ම ග්රන්ථ කට්ටල පූජා කිරීම ඇතුලු ආගමික වැඩසටහන් රැසක්ද සංවිධාන කර තිබෙනවා. මේ වනවිටත් සැදැහැවතුන් අති විශාල පිරිසක් විහාරස්ථාන භූමියේ ආගමික වතාවත්වල නිරතව සිටිනවා. තවත් ආගමික වැඩසටහන් රැසක් කිරිවෙහෙර රජමහා විහාරස්ථන භූමියේදී පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ.