fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ත්‍රස්තවාදය මැඩලන්න යුරෝපා සංගම් සහාය

ITN News Editor
By ITN News Editor ජූලි 15, 2019 18:31

ත්‍රස්තවාදය මැඩලන්න යුරෝපා සංගම් සහාය

යුරෝපා සංගමය හා ශ්‍රී ලංකාව අතර ත්‍රස්තවාදය වැළැක්වීම පිළිබඳ නිල නොවන මට්ටමේ සංවාදයක් පැවැත්වුණා. ඒ යුරෝපා සංගමයේ ප්‍රතිත්‍රස්ත වැඩසටහන් පිළිබඳ සම්බන්ධීකාරක ජීල්ස් ඩී කෙර්කෝව් හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් අහමඩ් ජාවඩ් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාව සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට යුරෝපා සංගමය කැපවී සිටින බවයි කෙර්කෝව් මහතා කියාසිටියේ. භීෂණකාරී අන්තවාදය හා ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ඇති පොදු අභියෝග පිළිබඳ මෙම සංවාදයේදී සාකච්ඡා කෙරුණා. ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කරන වැඩසටහන් කාර්යක්‍ෂම ලෙස සම්බන්ධීකරණය කිරීමේ වැදගත්කම යුරෝපා සංගමය මෙහිදී අවධාරණය කළා. ශ්‍රී ලංකාවේ සාමය හා ස්ථාවරභාවය සඳහා ආධාර කිරීමේ වැඩපිළිවෙළක් පිළිබඳව ද මෙහිදී කරුණු ඉදිරිපත් කෙරුණා. ඒ අනුව රට තුළ නීතිය ක්‍රියාත්මක කිරීම , පුනරුත්ථාපනය , අන්තර්ජාලය මත පදනම්ව අන්තවාදය ක්‍රියාත්මක වීම වැළැක්වීම ආදී වැඩසටහන් සඳහා යුරෝ මිලියන 8.5 ක මුදලක් ලබා දීමට නියමිතයි. මෙම සංවාදයෙන් පසු යුරෝපා සම්බන්ධීකාරකවරයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන යන මහත්වරුන් මුණ ගැසෙනු ඇති.

 

ITN News Editor
By ITN News Editor ජූලි 15, 2019 18:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo