විල්පත්තු රක්ෂිතයට අවට මරිච්චිකට්ටු සහ කල්අරු යන රක්ෂිතවල කැලෑ එළිපෙහෙලි කිරීම් මේ වන විට සිදුවේද යන්න සොයා බලා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියෝග කළා. විල්පත්තු රක්ෂිතය සහ ඒ අවට කැලෑ එළිපෙහෙළිකර නැවත පදිංචිකිරීම් සිදුකෙරෙන බවට ගොනුකළ රීට් පෙත්සමකට අදාළ නඩුව මෝසමක් මගින් අද කැදවූ අවස්ථාවේදීයි මෙම නියෝගය නිකුත් කෙරුණේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා වෙතින් අදාළ විමසීම කරන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයා වෙත දැනුම් දුන්නා. පෙත්සම ලබන 19 වනදා යළි කැදවීමට නියමිතයි.
අභියාචනාධිකරණයෙන් නීතිපතිට නියෝගයක්
කියවීමට මිනිත්තු 1