fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තව්හිද් ජමාත් කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලෙස කටයුතු කළ මොහොමඩ් ෆාරුක් ඇප මත මුදා හැරේ

ITN News Editor
By ITN News Editor ජූලි 15, 2019 15:35

තව්හිද් ජමාත් කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලෙස කටයුතු කළ මොහොමඩ් ෆාරුක් ඇප මත මුදා හැරේ

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලෙස කටයුතු කළ මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් නැමැත්තා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

ඉස්ලාම් අන්තවාදී කල්ලියක සාමාජිකයන් වෙමින් අන්තවාදය පැතිර වූ බව කියන සිද්ධියකට අදාළව කෙසෙල්වත්ත පොලීසිය මෙම සැකකරු අත්අඩංගුවට ගත්තා. සැකකරු සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී අනාවරණය වූ කරුණුවලට අනුව ඔහුට ඇප ලබාදීමට විරුද්ධ නොවන බවට නීතිපතිවරයා ඉදිරිපත් කර තිබූ ලිපියක් සළකා බැලීමෙන් අනතුරුවයි සැකකරු ඇප මත මුදාහැරුණේ. සැකකරු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි නියෝග කෙරුණේ.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරවලට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවකයන් අතරින් දසවන සැකකරු ලබන 29 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. කරුපයියා රාජේන්ද්‍ර අබ්දුල්ලා නමැති සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි වැල්ලම්පිටිය පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 15, 2019 15:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්