කටාර් රාජ්‍යය සිය විශාලතම නාවික හමුදා මූලස්ථානය විවෘත කර තිබෙනවා. කටාර් අග්‍රාමාත්‍ය අබ්දුල්ලා බින් නසාර් අල්තානි සහ නාවික හමුදා ප්‍රධානීනගේ සහභාගිත්වයෙන් විවෘත කිරිමේ උත්සවය පැවති බවයි වාර්තා වන්නේ.
වර්ග මීටර් හය ලක්ෂ හතලිස් දහසක වපසරියකින් යුත් මෙම නාවික හමුදා මූලස්ථානය නවීන පහසුකම් වලින් සමන්විත බවයි කටාර් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. මැදපෙරදිග කළාපයේ විශාලතම ඇමරිකා හමුදා මූලස්ථානය කි‍්‍රයාත්මක රට ලෙස කටාර් රාජ්‍යය සැලකෙනවා.