fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බටහිර ආසියා කුසලාන බේස්බෝල් තරගාවලිය; ඉන්දියව පරදා ශ්‍රී ලංකාවට ජය

ITN News Editor
By ITN News Editor ජූලි 15, 2019 14:39

බටහිර ආසියා කුසලාන බේස්බෝල් තරගාවලිය; ඉන්දියව පරදා ශ්‍රී ලංකාවට ජය

බටහිර ආසියා කුසලාන බේස්බෝල් තරගාවලියේ ඉන්දිය කණ්ඩායම සමඟ පැවති පළමු තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

දියගම අන්තර්ජාතික බේස්බෝල් ක්‍රිඩාංගනයේ පැවති තරගයේ ඉනිම නවයම ක්‍රිඩා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 02ක් ලබා ගත්තා.  එහිදි ඉන්දිය කණ්ඩයමට ලබා ගත හැකි වුයේ එක් ලකුණක් පමණයි. ආසියානු බේස්බෝල් සම්මේලනය 14වන වරට සංවිධාන කරන තරගාවලියට රටවල් හයක් එක්ව සිටිනවා. ඒ ඉන්දියාව, පාකිස්තානය, ඉරානය, බංග්ලාදේශය,නේපාලය හා සත්කාරක ශ්‍රී ලංකාවයි. 2012 වසරේදී එහි අනුශුරයන් වූ ශ්‍රී ලංකාව  2017 වසරේදී ශුරතාව දිනාගැනිමට සමත් වුණා. ශ්‍රී ලංකාව පළමුවරට තරගාවලියක් සදහා එක් වුයේ 1995 වසරේදී පිලිපිනයේ මැනිලා නුවර පැවති  පළමු ආසියා කුසලාන බේස්බෝල් තරගාවලියේදීයි.

 

ITN News Editor
By ITN News Editor ජූලි 15, 2019 14:39

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්