රජයේ සහතික මිල අනුව වී මෙට්‍රික්ටොන් එකොළොස්දහස් හයසිය හතලිස් දෙකක් මේ වනවිට මිලදී ගෙන ඇති බව උතුරු පළාත් වී අලෙවි මණ්ඩලය පවසනවා. එය මෑත කාලයේ උතුරු පළාතෙන් මිලදී ගත් වැඩිම වී තොගය බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
රජයේ සහතික මිලට වී මිලදී ගැනීම උතුරු පළාතේ ගොවි ජනතාවට විශාල සහනයක් වී තිබෙනවා. කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් වී මෙට්‍රික් ටොන් 3185 ක්, වව්නියාව දිස්ත්‍රික්කයෙන් මෙට්‍රික් ටොන් 3182 ක්, මුලතිව් දිස්ත්‍රික්කයෙන් මෙට්‍රික් ටොන් 3524 ක්, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්වලින් මෙට්‍රික් ටොන් 4345 ක් මේ වනවිට මිලදී ගෙන තිබෙනවා. මේ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 894 ක්. මෙය පෙර වසරට වඩා සියයට 97 ක වර්ධනයක් බවයි වී අලෙවි මණ්ඩලය පවසන්නේ.