fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රටවල් කිහිපයකට බලපා ඇති ගංවතුර තත්ත්වයන්ගෙන් පුද්ගලයින් ලක්ෂ ගණනක් අවතැන්

ITN News Editor
By ITN News Editor ජූලි 15, 2019 14:20

රටවල් කිහිපයකට බලපා ඇති ගංවතුර තත්ත්වයන්ගෙන් පුද්ගලයින් ලක්ෂ ගණනක් අවතැන්

රටවල් කිහිපයක බලපා ඇති අධික වැසි නිසා ඇතිවූ ගංවතුර තත්ත්වයන්ගෙන් පුද්ගලයින් ලක්ෂ ගණනක් අවතැන්ව සිටිනවා.

නේපාලයට බලපා ඇති ගංවතුරෙන් මිය ගිය සංඛ්‍යාව 65 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පුද්ගලයින් 30 දෙනෙකු අතුරුදන්ව ඇති අතර වර්ෂාව හේතුවෙන් සිදුවූ විවිධ අනතුරුවලින් පුද්ගලයින් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බංග්ලාදේශයේ රොහින්ජා සරණාගතයින් රැදී සිටින අවතැන් කදවුරක ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ලක්ෂ පහක පමණ පිරිසක් අවතැන්ව සිටිනවා.

ඉන්දියාවේ ප්‍ර දේශ රැසකට බලපෑ ගංවතුරෙන් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ලක්ෂ 15කට ආසන්න සංඛ්‍යාවක් අවතැන්ව සිටින බවයි එරට වාර්තා සදහන් කරන්නේ.

මේ අතර ග්‍රීසියේ බටහිර ප්‍රදේශයට ගංවතුර තත්ත්වයක් බලපා තිබෙනවා. මේ හේතුවෙන් නිවාස හා මහාමාර්ග රැසක් ජලයෙන් යටව පවතින බව සඳහන්.

නැගෙනහිර චීනයේ යුනාන් ප්‍රදේශයට බලපෑ ගංවතුරෙන් පුද්ගලයින් හය ලක්ෂ හැත්තෑ දහසක් අවතැන්වී තිබෙනවා. මේ සමග දිස්ත්‍රික්කයේ ආර්ථික මට්ටම ඇමෙරිකා ඩොලර් මිලියන අනූතුනකින් පහළ වැටී ඇති බවයි චීන වාර්තා සඳහන් කරන්නේ.

 

ITN News Editor
By ITN News Editor ජූලි 15, 2019 14:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්