කළුතර කැලිඩෝ වෙරළ තීරයට අයත් මුහුදේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් පිරිසක් නාවික හමුදාව මගින් බේරා ගෙන තිබෙනවා. පුද්ගලයින් හය දෙනෙකු මෙසේ බේරා ගත් බවයි නාවික හමුදාව පවසන්නේ.
මුහුදේ දිය නෑම සදහා පැමිණී පිරිසක් දියේ ගිලෙන බව දුටු ප්රදේශවාසීන් ඒ බව නාවික හමුදාවට දැනුම් දී තිබෙනවා. වෙරළ තීරයේ ජීවිත ආරක්ෂක රාජකාරියේ නියුතුව සිටි නිවික හමුදා නිලධාරීන් ක්ෂණිකව ක්රියාත්මක වී මෙම පිරිස බේරා ගැනීමට කටයුතු කළා. මෙසේ බේරාගෙන ඇත්තේ කළුතර ප්රදේශයේ පදිංචි තරුණයන් හය දෙනෙකුයි.