හෙරොයින් ග්‍රෑම් 300 ක් සහ රුපියල් ලක්ෂ දෙකක මුදල් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බේස්ලයින් මාර්ගයේ වදුල්ලවත්ත මංසන්ධිය ප්රදේශයේදීයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකර තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලම්පිටිය ප්‍රදේශයේම පදිංචිකරුවන් බව ද පොලීසිය ප්‍රකාශ කළා. ඔවුන් අද මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදරිපත් කර දින 7 ක රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතයි.