fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොංගෝ රාජ්‍යයේ ගෝමා නගරයේ දරුණු ලෙස ඉබෝලා වෛරසය පැතිරෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 15, 2019 10:29

කොංගෝ රාජ්‍යයේ ගෝමා නගරයේ දරුණු ලෙස ඉබෝලා වෛරසය පැතිරෙයි

කොංගෝ රාජ්‍යයේ ගෝමා නගරයේ දරුණු ලෙස ඉබෝලා වෛරසය පැතිරෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දස ලක්‍ෂයකට වැඩි ජනතාවක් ජීවත් වන මෙම නගරය තුළ ඉබෝලා වෛරසය පැතිරීම පාලනය කිරීම දුෂ්කර වී ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. කොංගෝ රාජ්‍යයේ ඉබෝලා වසංගතය පැතිර යාම වැළැක්වීම සදහා එන්නත් වැඩපිළිවෙළක් ද හඳුන්වා දී තිබෙනවා. මේ වන විට පුද්ගලයින් එක්දහස් හයසිය දෙනෙකුට වැඩි පිරිසක් වෙත ඉබෝලා රෝගය වැළඳී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ.

 

ITN News Editor
By ITN News Editor ජූලි 15, 2019 10:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්