දියර කිරි ලීටරයක මිල ඉහළ දැමීමට කටයුතු කරන බව කෘෂිකර්ම හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කළා. දැනට පවතින මිල ගණන් පිළිබඳ තමන් ද සෑහීමකට පත් නොවන බවයි අමාත්‍ය පී හැරිසන් මහතා සඳහන් කළේ.
වත්මන් රජය යටතේ අවස්ථා කිහිපයකදී දියර කිරි මිල ඉහළ දැමීමට කටයුතු කළා. ඒ අනුව රුපියල් 50ක්ව තිබූ කිරි ලීටරයක මිල 70 දක්වා වැඩි කිරීමට හැකිවූ බව ද හැරිසන් මහතා සඳහන් කළා. කිරිපිටි ආනයනය වෙනුවෙන් වාර්ෂිකව රුපියල් මිලියන හතළිස් දහසක් පමණ වැය කෙරෙනවා. එම මුදල රට තුළ ඉතිරි කරගැනීමට දේශීය කිරි ගොවියා ශක්තිමත් කළයුතු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.