නුවරඑළියේ ඉදිකරන ලද අංග සම්පූර්ණ නව රෝහල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් අද දින (ජුලි මස 15) පෙරවරු 10.00 ට විවෘත කිරීමට කටයුතු යොදා ඇත.
නෙදර්ලන්තයේ සහන ණය ආධාර යටතේ යූරෝ මිලියන 39 ක් වැය කරමින් මෙම නව රෝහල ඉදිකර ඇත. ඇදන් 422 කින් යුක්ත මෙම රෝහලේ නවීන වෛද්‍ය උපකරණ සවිකර ඇත. ශල්‍යාගාර, දැඩිසත්කාර ඒකක බාහිර රෝගී සත්කාර ඒකක, ඖෂධාගාර, රුධිර පාරවිලයන මධ්‍යස්ථාන මෙන්ම වෛද්‍යවරුන්, හෙඳ හෙඳියන් සඳහා නව නිල නිවාස ද ඇතුළත් වෙයි.