ඉන්දියාවේ චන්ද්‍රයාන් දෙක අභ්‍යවකාශ මෙහෙයුම තාක්ෂණික දෝෂයක් හේතුවෙන් තාවකාලිකව නතර කර තිබෙනවා.
චන්ද්‍රයාන් දෙක අභ්‍යවකාශ මෙහෙයුමට අදාළ චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කිරීමට විනාඩි 56කට පෙර නතර කර ඇත්තේ එහි හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන්. අද අලුයම 2.51ටයි යානය සඳ මතට යැවීමට නියමිතව තිබුණේ. කෙසේ වෙතත් නැවතත් මෙම මෙහෙයුම ආරම්භ කරන දිනයක් ළගදීම දැනුම් දෙනු ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කරන්නේ. මෙම මෙහෙයුම සාර්ථක වූයේ නම් සඳමතට යානයක් සාර්ථකව ගොඩබැස්සවූ හතරවන රට බවට ඉන්දියාව පත් වීමට නියමිතව තිබුණා.