fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කි‍්‍රකට් ලෝක කුසලානය එංගලන්තයට

ITN News Editor
By ITN News Editor ජූලි 15, 2019 09:40

කි‍්‍රකට් ලෝක කුසලානය එංගලන්තයට

ක්‍රිකට් ක්‍රිඩාව ලොවට හදුන්වා දුන් එංගලන්තය පළමුවරට ලෝක කුසලානයක පහස විද ගත්තා. ඒ අවසන් මහා තරගයේදී නවසීලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින්.

ලෝඩ්ස් ක්‍රිඩා පිටියේ පැවති තරගය ආරම්භ වීමට පෙර බ්‍රිතාන්‍ය යුධ හමුදාවේ Red Devils පැරෂුට් භටයින් පන්දුව ගුවනින් රැගෙන ඒම කාගේත් අවධානයට ලක් වුණා. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට දුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 241ක් රැස් කළා. හෙන්ඩ්‍රි නිකලස් ලකුණු 55යි.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ එංගලන්තය ද පන්දුවාර 50 අවසානයේදී සියලුදෙනා දැවී ලබා ගත්තේ ලකුණු 241ක් පමණයි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වු බෙන් ස්ටොක්ස් නොදැවි ලකුණු 84 ක් ලබා ගත්තා. ලකුණු සමවීම හේතුවෙන් තරගයේ ජයග්‍රහණය සුපිරි පන්දුවාරයකින් තීරණය කිරිමට සිදු වුණා.

එහිදි පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය ලකුණු 15ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ නවසීලන්තය ද ලකුණු 15ක් ලබා ගැනිම හේතුවෙන් තරගය යළිත් සම වුණා. අනතුරුව වැඩිම හතරේ සහ හයේ පහර සංඛ්‍යාවක් ලබා ගත් කණ්ඩායමට  ජයග්‍රහණය ලබා දීමට තීරණය කෙරුණා. ඒ අනුව හයේ සහ හතරේ පහර 26ක් එල්ල කළ එංගලන්ත කණ්ඩායමට ජයග්‍රහණය හිමි වුණා.

නවසීලන්තය එල්ල කර තිබුණේ හයේ සහ හතරේ පහර 17ක් පමණයි. 1975 වසරේදී ආරම්භ වූ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ අවසන් මහා තරගයක තීරණය ලබා ගැනීම සඳහා සුපිරි පන්දුවාරය යොදා ගැනිමට සිදු වූ පළමු අවස්ථාව මෙයයි. එහිදිද ජයග්‍රහණය තීරණය  කිරිමට සිදු වුයේ වැඩිම හයේ සහ  හතරේ පහරවල් සංඛ්‍යාවෙන් වීම ලෝක ක්‍රිකට් ඉතිහාසයේ අමරණිය මතකයක් වනු නොඅනුමානයි.  එමෙන්ම එංගලන්ත කණ්ඩායම ලෝක පාපන්දු ශුරතාව,රග්බි ශුරතාව සහ ක්‍රිකට් ශුරතාව දිනා ගත් පළමු රට ලෙසයි ඉතිහාසට එක් වුයේ. අවසන් තරගයේ වීරයා ලෙස බෙන් ස්ටොක්ස් සම්මාන දිනා ගත්තා. තරගාවලියේ වීරයා වුයේ නවසීලන්ත නායක කේන් විලියම්සන්.

 

ITN News Editor
By ITN News Editor ජූලි 15, 2019 09:40

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්