බටහිර ඕස්ට්‍රේලියාවට ආසන්න මුහුදේ රිච්ටර් පරිමාණ ඒකක 6යි දශම 6ක භූමි කම්පාවක් සිදුවී තිබෙනවා.
භූමිකම්පාවෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නැති බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ. එහෙත් ඇතැම් ප්‍රදේශවලට එහි කම්පනය දැනී තිබුණා. මේ අතර ඉන්දියාවේ හා නේපාලයේ ඇති වූ ගංවතුරවලින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අවතැන්වී තිබෙනවා.