පාර්ලිමේන්තු සංකීර්ණයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට 119 හදිසි දුරකථන අංකයට ලැබුණු ඇමතුම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා. එම ප්‍රචාරය අසත්‍ය බවට එහිදී තහවුරු වූ බවයි ඒ මහතා කියා සිටියේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=gqOMWljK73M&feature=youtu.be&fbclid=IwAR0bYG3N0DT-83nrv29i6FN7euHMA083LEdbEI9pkahQpgDrkvG_jODvT3I”]
මේ අතර බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම යටතේ පසුගිය දින 10 තුළ පුද්ගලයින් 2875 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. මෙහෙයුම මසක කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි කළුතර පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා ප්‍රකාශ කළේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=weZOFiDxTPw&feature=youtu.be&fbclid=IwAR2PyVG17MMh1p8ni2VsiDq03wldhX2647BhkH8Wouyn6oist-2QY_EJEDo”]