අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා කතරගම පුදබිම වෙත ඊයේ පස්වරුවේ පැමිණියා.
කතරගම පූජා භූමියට පැමිණි අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා කිරිවෙහෙර අෂ්ඨඵල බෝධීන් වහන්සේ වැඳපුදා ගත්තා. අනතුරුව කතරගම දේවාලය වෙත පැමිණි අග්රාමාත්යවරයා ආගමික වතාවත්වලට එක්වුණා. ඊයේ දිනයේදී ආලෝක පූජාව විවෘත කෙරුණේ ද අග්රාමාත්යවරයාගේ ප්රධානත්වයෙන්. මහා සංඝරත්නය ද මැතිඇමතිවරුන් මෙන්ම විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.