නයිජීරියා ජාතිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 23ක් කොල්ලකෑ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අතුරුගිරියේ සිට බත්තරමුල්ල දෙසට ත්රී රෝද රථයකින් ගමන් කරමින් සිටියදී පෝරේ ගුවන්පාලම අසළ දී මෙම කොල්ලකෑම සිදුවී ඇති බවයි පොලිසිය පවසන්නේ. පොලිස් නිල ඇදුමට සමාන ඇදුමකින් සැරසුනු පුද්ගලයෙකු සහ තවත් තිදෙනෙකු නයිජීරියා ජාතිකයා බියවද්දා රුපියල් ලක්ෂ 23 ක මුදල කොල්ලකා පලාගොස් තිබෙනවා. එම විදේශිකයා අතුරුගිරිය පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති අතර ඒ පිළිබඳ සිදුකළ පරික්ෂණවලින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධියේ ප්රධාන සැකකරු පොලිස් කොස්තාපල්වරයෙකු බවයි අනාවරණය වී ඇත්තේ. තමන්ට ලක්ෂ 23ක මුදලක් ලැබුණු ආකාරය සනාත කිරීමට නොහැකි වූ නිසා නයිජීරියා ජාතිකයා ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.