නේපාලයේ ඇතිවූ ගංවතුරෙන් මියගිය පිරිස 43 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මියගිය අය අතර කාන්තාවන් 18 දෙනෙකු වනවා. පුද්ගලයින් 24 දෙනෙකු අතුරුදන්වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. වර්ෂාව හේතුවෙන් සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලැබුවා. නේපාලයේ දිස්ත්රික්ක 25කටම මෙම වර්ෂාවෙන් බලපෑම් එල්ලවී තිබෙනවා. ඉදිරි දින 03ක කාලය තුළත් වර්ෂාව තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ අංශ සඳහන් කරනවා.