fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අවුරුදු 10ක කුඩා දැරියකට සිදු කළ සාර්ථක හදවත් සැත්කමක් චීනයෙන් වාර්තා වෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 14, 2019 15:06

අවුරුදු 10ක කුඩා දැරියකට සිදු කළ සාර්ථක හදවත් සැත්කමක් චීනයෙන් වාර්තා වෙයි

වයස අවුරුදු 10ක  කුඩා දැරියකට සාර්ථක ලෙස හදවත් බද්දකිරීමේ සැත්කමක් චීනයෙන් වාර්තා වනවා.

මෙම දැරියගේ හෘද ස්පන්දනය දින 6ක කාලයක් නැවතී තිබූ බවයි චීන මාධ්‍ය සදහන් කරන්නේ. ජීවිත ආධාරක උපකරණ මගින් ඇගේ ජීවිතය රැකගෙන තිබෙනවා. ඇයට ගැලපෙන ප්‍රමාණයේ හදවතක් හමුවූ බැවින් එය සාර්ථක ලෙස බද්ධ කිරීමට හැකිවූ බවයි අදාළ වෛද්‍යවරුන් කියා සිටින්නේ. අඩු වයස් දැරියක බැවින් මෙම සැත්කම ඉතා අවදානම් සහගත වූවක් බවද ඔවුන් කියා සිටිනවා. දැරිය මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව සදහන්. ඉදිරි සතියේ දී ඇයට රෝහලින් පිටවී යාමට හැකිවන බවයි වෛද්‍යවරුන් පැවසුවේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 14, 2019 15:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්