එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය සත්කාරක එංගලන්තය සහ නවසීලන්තය අතර තව සුළු වේලාවකින් ආරම්භ වනවා. දෙරට අතර ඊයේ පැවති අවසන් මාධ්‍ය හමුවලදී කණ්ඩායම්වල සූදානම පිළිබඳ නායකයින් අදහස් පළ කළා.
මෙවර ලෝක කුසලාන තරගාවලිය ජය ගත හැකිනම් එය රටට ඉතාමත් වැදගත්වනු ඇති බව එංගලන්ත කණ්ඩායමේ නායක ඉයන් මෝගන් පවසනවා. මෙය වසර හතරක් තුළ සිදු කළ කැපවීම්වල අවසන් ප්‍රතිඵලය බවයි වැඩිදුරටත් ඔහු සඳහන් කළ සිටියේ. මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගැනිම සඳහා වැඩි අවස්ථාවක් එංගලන්ත කණ්ඩායම සතුව පවතින බව පැවසීම සුදුසු බව නවසීලන්ත නායක කේන් විලියම්සන් පවසනවා. ඒ හේතුවෙන් නවසීලන්ත කණ්ඩායමට ක්‍රිඩා කළ හැකි සහ තමන් ක්‍රිඩා කිරිමට බලාපොරොත්තුවන දක්ෂතා මෙම තරගයේදී පෙන්නුම් කිරිම අතිශයින් වැදගත් බවයි නවසීලන්ත නායක කේන් විලියම්සන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.