fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එන්ටප‍්‍රයිස් ශ්‍රී‍්‍ර ලංකා මීළඟ ප‍්‍රදර්ශනය ලබන 24 වෙනිදා සිට අනුරාධපුරයේදී

ITN News Editor
By ITN News Editor ජූලි 14, 2019 12:24

එන්ටප‍්‍රයිස් ශ්‍රී‍්‍ර ලංකා මීළඟ ප‍්‍රදර්ශනය ලබන 24 වෙනිදා සිට අනුරාධපුරයේදී

එන්ටප‍්‍රයිස් ශ්‍රී‍්‍ර ලංකා මීළඟ ප‍්‍රදර්ශනය ලබන 24 වෙනිදා සිට අනුරාධපුරයේදී පැවැත්වෙනවා. 27 වෙනිදා දක්වා දින තුනක් එය පැවැත්වෙන බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

රාජ්‍ය ආයතන හා බැංකු වලින් ව්‍යවසායකයන් සඳහා අවශ්‍ය සේවාවන් එහිදී ලබාගත හැකියි. ව්‍යවසායකත්වය පිළිබඳව උපදෙස්, මඟ පෙන්වීම් සහ පුහුණු අවස්ථාවන් ද මෙහිදී සැපයෙනවා. ප‍්‍රදර්ශනය කලාප පහකින් සමන්විතයි. ප‍්‍රදර්ශන භුමියට පැමිණෙන පාසල් සහ උසස් අධ්‍යාපනය හදරාන සිසුන් වෙනුවෙන් අධ්‍යාපන කලාපයක් විශේෂයෙන් වෙන්කර තිබෙනවා.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා යටතේ පවතින ජාතික ප‍්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ කුඩා ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා උපදෙස් සහ අවශ්‍ය පහසුකම් ද ප‍්‍රදර්ශන භුමියේදී ලබාදෙන බවයි මුදල් අමාත්‍යාංශය පෙන්වාදෙන්නේ. මීට අමතරව ගුවන් යානා අවි ආයුද සහිත ති‍්‍රවිධ හමුදාවේ ආකර්ෂණීය ප‍්‍රදර්ශන කුටි සහ විවිධ කි‍්‍රයාකාරකම් සහිත සංදර්ශන ද මෙහිදී දැකබලා ගත හැකියි. ශ්‍රී‍්‍ර ලංකාව තුළ ව්‍යවසායකත්වය ප‍්‍රවර්ධනය කිරීම සහ රජයේ සංවර්ධන කාර්යයන් ජනතාවට වඩාත් සමීපකරවීමේ අරමුණින් එන්ටප‍්‍රයිස් ශ්‍රී‍්‍ර ලංකා ප‍්‍රදර්ශනය පැවැත්වෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 14, 2019 12:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar174.31178.06
USA
Pound219.38226.29
UK
Euro195.48202.19
EU
Yen1.591.65
Japan
Yuan25.1126.28
China
Dollar120.42125.45
Australia
CountryCurrencyRate
Dinar467.71
Dinar580.41
Riyal457.99
Riyal48.42
Riyal47.01
Dirham48.00