පහලොස්වන ලෝක ශුරතා දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති දෙවන තරගය ලකුණු 67ට 50ක් ලෙස ජය ගැනිමට උතුරු අයර්ලන්ත කණ්ඩායම සමත් වුණා.
එංගලන්තයේ ලිවර්පුල්හිදී පැවැති තරගයේ පළමු අර්ධය නිමාවන විට උතුරු අයර්ලන්ත කණ්ඩායම ලකුණු 18ක් ලබා සිටියා. එම අර්ධයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගත හැකි වුයේ ලකුණු 13ක් පමණයි. තරගයේ දෙවන, තුන්වන සහ හතරවන අර්ධයන්හි ආක්රමණශිලි තරග රටාවක නිරතවූ උතුරු අයර්ලන්ත කණ්ඩායම තරගයේ පෙරමුණ ගෙන සිටියා. ශ්‍රී ලංකා කණ්ඩායම පිලිවෙලින් 16ට12ක්, 17ට12ක්, 16ට13ක් ලෙස තරගවට හතරම පරාජයට පත් වුණා. මෙම තරගයේදීත් ආරක්ෂක ක්‍රිඩිකාවන්ගේ දුර්වල තරග රටාව දක්නට ලැබුණා.