චන්ද්‍රයාන් දෙක යානය හෙට පස්වරුවේ අභ්‍යාවකාශගත කිරීමට ඉන්දියාව සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඉන්දීය අභ්‍යාවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයයි යානය නිපදවා තිබෙන්නේ. ඒ මීට වසර 10 කට පෙර ගුවන්ගත කළ චන්ද්‍රයාන් වන් යානයේ වැඩිදියුණු කිරීමක් ලෙස.
සඳ මත ගවේෂණ කටයුතු සිදුකිරීමයි චන්ද්‍රයාන් දෙක යානය මඟින් ද සිදුකෙරෙන්නේ. එය අභ්‍යාවකාශගත කිරීමත් සමඟ ඉන්දීය අභ්‍යාවකාශ තාක්ෂණයේ නව පරිච්ඡේදයක් සටහන් වනු ඇති බව ද විශ්ලේෂකයන් පෙන්වාදෙනවා. සඳ මත භූ ලක්ෂණ සවිස්තරාත්මකව අධ්‍යයනය, ඛනිජ විශ්ලේෂණය ඇතුලු පර්යේෂණ රැසක් එමඟින් සිදුකිරීමට නියමිතයි. චන්ද්‍රයාගේ ආරම්භය හා පරිණාමය පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබාගැනීමටත් එමඟින් හැකි වනු ඇති බවට විශ්වාස කෙරෙනවා. චන්ද්‍රයාන් දෙක යානය, පළමුව පෘතුවියෙන් ගමන් කරවන යානා නවතා තබන කක්ෂයට මුදාහැරීමට සැලසුම් කර තිබෙනවා. ඉන් දින 16 කට පසුවයි යානය සඳ මත ගවේෂණ කටයුතුත සඳහා මුදාහැරෙන්නේ. එයට චන්ද්‍රයාගේ කක්ෂයට ළඟාවීමට දින පහක් ගත වනවා.