fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකාවේ මෑන්හැටන් ප්‍රදේශයට හදිසි විදුලි බිඳවැටීමක්

ITN News Editor
By ITN News Editor ජූලි 14, 2019 09:51

ඇමෙරිකාවේ මෑන්හැටන් ප්‍රදේශයට හදිසි විදුලි බිඳවැටීමක්

ඇමෙරිකාවේ මෑන්හැටන් ප්‍රදේශයට බලපෑ හදිසි විදුලි බිඳවැටීමක් හේතුවෙන් පුද්ගලයින් දහසකට අධික පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා.

ට්‍රාන්ස්පෝමරයක ඇතිවූ පිපිරීමකින් හටගත් ගින්නකින් මෙලෙස විදුලිය බිඳ වැටීම සිදුවුණා. විදුලි සෝපාන නතර වීම, මෙට්‍රෝ දුම්රිය සේවාවන් අඩාල වීම සහ කඩ සාප්පු වසා දැමීමට සිදුවීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්වුණා. මාර්ග සංඥා අවහිර වීමෙන් දැඩි රථවාහන තද බදයක් ද හටගත්තා. මෙම හදිසි විදුලි ඇනහිටීමෙන් හානි වූ විද්‍යුත් පරිපථ හා ඉලෙට්‍රොනික උපාංග තවමත් පළිසකර කෙරෙමින් තිබෙන බවයි වාර්තාවන්නේ.

 

ITN News Editor
By ITN News Editor ජූලි 14, 2019 09:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්