fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බස් රථයක් ලොරි රථයක ගැටෙයි – තුන්දෙනෙකුට තුවාල

ITN News Editor
By ITN News Editor ජූලි 14, 2019 09:39

බස් රථයක් ලොරි රථයක ගැටෙයි – තුන්දෙනෙකුට තුවාල

කොළඹ , මඩකලපුව ප්‍රධාන මාර්ගයේ හබරන දේවාලය අසළ දී සිදුවූ අනතුරකින් පුද්ගලයින් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද අලුයම 2.30ට පමණයි මෙම අනතුර සිදුවුණේ. යාපනය කයිට්ස් සිට කතරගමට ගමන් කරමින් සිටි වන්දනා නඩයක් රැගත් බස් රථයක් සහ කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුවුණා. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් තුන් දෙනා පොලොන්නරුව මහරෝහලට ඇතුළත් කෙරුණා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 14, 2019 09:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්