19 න් පහළ සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය ලබන 16 වනදා ඇරඹෙයි
Related Articles
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන 19 න් පහළ සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය ලබන 16 වනදා සිට 23 වනදා දක්වා පැවැත්වෙනවා.
දඹුල්ල සහ පල්ලෙකැලේ ක්‍රීඩාංගණවලදීයි තරගාවලිය පැවැත්වීමට කටයුතු යොදා තිබෙන්නේ. පළමු තරගය කොළඹ සහ දඹුල්ල කණ්ඩායම් අතර ලබන 16 වනදා දඹුල්ලේදී පැවැත්වෙනවා. ලබන වසරේ දකුණු අප්‍රිකාවේදී ආරම්භ වන 19න් පහළ ලෝක ක්‍රිකට් කුසලාන තරගාවලියට සහ ආසියා කුසලානයට තරග වදින ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනිම මෙම තරගාවලියේ අරමුණයි.
මේ පිළිබඳ දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වුණා.