fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ධනපතියන්ට පමණක් සීමා වී තිබූ ඉඩම් අයිතිය පොඩි මිනිසාටත් ලබාදෙනවා

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2019 18:55

ධනපතියන්ට පමණක් සීමා වී තිබූ ඉඩම් අයිතිය පොඩි මිනිසාටත් ලබාදෙනවා

ධනපතියන්ට පමණක් සීමා වී තිබූ ඉඩම් අයිතිය පොඩි මිනිසාට ද ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එමගින් ඔවුන්ට ආඩම්බරයෙන් තමන්ගේම ඉඩමක් යැයි කියන්නට හා තමාගෙන් පසු එහි උරුමය දරුවන්ට ලබාදීමට හැකිවන බවයි  නාවලපිටිය පැවති ඉඩම් ඔප්පු ප්‍රදානයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.

ඉඩම් ඔප්පු දසලක්ෂයක් ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ නාවලපිටිය ප්‍රදේශයේ ජනතාවට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා. නාවලපිටිය මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගනයේ පැවති එම උත්සවයට අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, ලක්ෂ්මන් කිරිඇල්ල, රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන, එක්සත් ජාතික පක්ෂ නාවලපිටිය වැඩබල සංවිධායක හා නගරාධිපති සසංක සංජීව සම්පත් යන මහත්වරුද එක්ව සිටියා. ඉඩම් ඔප්පු 1200 ක් මෙහිදී ප්‍රදානය කිරීමටයි කටයුතු කෙරුණේ.

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2019 18:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්