fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහවැලි ජනපදිකයන් පන්දහසකට ඉඩම් ඔප්පු පිළිගැන්වීම හෙට ජනපති ප‍්‍රධානත්වයෙන්

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2019 18:01

මහවැලි ජනපදිකයන් පන්දහසකට ඉඩම් ඔප්පු පිළිගැන්වීම හෙට ජනපති ප‍්‍රධානත්වයෙන්

මහවැලි ජනපදිකයින් පන්දහසකට ඉඩම් ඔප්පු පිරිනැමීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට සිදු කෙරෙනවා.

මහවැලි බිමේ උරුමය සැමට පිරිනමමින් සෑම මහවැලි ජාන පදිකයෙකුටම ඉඩම් අයිතිය ලබා දීමට ජාතික වැඩසටහනක් ක්‍රියාත්මකයි. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීම යටතේයි. එම වැඩසටහනට අනුව වලව කලාපයේ මහවැලි ගොවීන් පන්දහසකට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම වලව කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරන කාර්යාලයේ දී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා.

2016 වසරේ ආරම්භ කළ මෙම වැඩසටහන මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බවයි අදාළ නිලධාරීන් පවසන්නේ. මහවැලි ජාන පදිකයින්ගේ ජීවිත නගා සිටුවීමට හා ඔවුන්ගේ සුභ සාධනය වෙනුවෙන් ගෙවී ගිය සිව් වසර තුළ වැඩසහන් රැසක් ක්‍රියාවට නැංවුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මග පෙන්වීම මතයි. මහවැලි කලාප මතින් නිදහස් කළාප බවට පත්කිරීම වෙනුවෙන්  ද විශේෂ වැඩසටහන් ක්‍රියාත්මකයි.

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2019 18:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්