fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගිං ගඟ දෙපස අභය භූමියක් ලෙස නම් කිරීමට රජයේ අවධානය

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2019 18:06

ගිං ගඟ දෙපස අභය භූමියක් ලෙස නම් කිරීමට රජයේ අවධානය

ගිං ගඟ දෙපස පිහිටි ගිං පොල් ශාකය ආරක්ෂා කරමින් එම ප්‍රදේශය අභය භූමියක් ලෙස නම් කිරීමට රජයේ අවධානය යොමුවී තිබෙනවා.

වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෝලවත්ත හරහා ගලා යන ගිං ගග දෙපස ගිං පොල් ශාක බහුලව දැකගත හැකියි. කඩොලාන ආශ්‍රිත ශාකයක් වන එහි එය ඉවුරු ඛාදනය වැළැක්වීමට මෙන්ම ජලජ පරිසරයේ වෙසෙන සතුන්ට මහගු පිටිවහලක් සලසන ශාකයක් ලෙසයි සැලකෙන්නේ. එම සතුන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය පවත්වාගැනීමට ගිං පොල් ශාක සහිත පරිසරය බෙහෙවින් උපකාරීවන බව පරිසරවේදීන් පෙන්වා දෙනවා. මෙම පරිසර පද්ධතිය ආශ්‍රිතව ආවේණික කුරුළු විශේෂ වැඩිවශයෙන් සැරිසැරීම සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට හේතුවක් වී ඇති බවයි වනජීවී නිලධාරීන් පෙන්වා දෙන්නේ. ගිං පොල් ශාකය ආරක්ෂා කරමින් වනාන්තර හා වෘක්ෂලතා අඥාපනතට අනුව මෙම කලාපය අභය භූමියක් ලෙස නම් කිරීමට පියවර ගන්නා බව පුත්තලම දිස්ත්‍රික් වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව් එම් පී එස් චන්ද්‍රරත්න මහතා ප්‍රකාශ කළා.

එසේ මෙම ප්‍රදේශය අභය භූමියක් ලෙස නම් කිරීමෙන් පසු සංචාරකයින්ට වැඩිවශයෙන් එම ප්‍රදේශයට පැමිණීමට අවශ්‍ය පහසුකම් සැලසීම රජයේ අරමුණයි.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2019 18:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්