fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බස් රථයක් දුම්රිය මාර්ගයට කඩා වදී; ධාවනය වූ දුම්රියක් 99න් නවත්වා ගැනේ

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2019 17:57

බස් රථයක් දුම්රිය මාර්ගයට කඩා වදී; ධාවනය වූ දුම්රියක් 99න් නවත්වා ගැනේ

බස් රථයක් දුම්රිය මාර්ගයට කඩා වැදීමෙන් අනතුරක් සිදුවුණා. ප්‍රදේශවාසීන් මැදිහත්වී දුම්රිය නවත්වා ගැනීමට කටයුතු කිරීමෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් වැලකී ගියා.

කොළඹ සිට මාතර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන දුම්රිය මාර්ගයට ඇදී ගියා. එහිදී මගීන් කිහිප දෙනෙකු සුලු තුවාල ලැබූ බවයි පැවසෙන්නේ. ඒ වනවිට බෙලිඅත්ත බලා ධාවනය වන දුම්රියක් පැමිණීමට නියමිතව තිබූ අතර ප්‍රදේශවාසීන් දුම්රිය මාර්ගයේ ඉදිරියට ගමන් කර දුම්රිය නතර කර ගැනීමට පියවර ගත්තා. බස් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2019 17:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්