කහවත්ත, කෙටේතැන්න ප්රදේශයේ නිවසක පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට කහවත්ත පොලීසිය කටයුතු කළා. එහිදී සැකකරුවෙකු අත්අඩංගුවට ගැණුනා.
නීති විරෝධී මත්පැන්වලට ඩයි වර්ග යොදා ඉතා සූක්ෂම අයුරින් සීල් අරක්කු ලෙස මෙහි අලෙවිකර තිබෙනවා. මේ අයුරින් සකස්කර තිබූ නීති විරෝධී මත්පැන් බෝතල් 60 ක් පොලීසිය අත්අඩංගුවට ගත්තා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මකයි.