හේනානිගල ආදිවාසී ජනතාවට පහසුකම් රැසක් ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා.
පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මාදුරුඔය රක්ෂිතයේ පිහිටි හේනානිගල ආදිවාසී ගම්මානයේ ජීවත්වන පවුල් සංඛ්‍යාව 150 ක්. ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් පවතින ගැටලු නිරාකරණය කිරීමට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ අවධානය යොමුවුණා.
ඒ අනුව හේනානිගල ආදිවාසී නායක තලාවරිගයේ උණබණ්ඩා මහතාගේ නිවස මෙන්ම වරිග සභාවක් ඉදි කිරීමට කටයුතු කෙරෙමින් පවතිනවා. පොළොන්නරුව අලාහ පිරිවෙන ව්‍යාපෘතියේ කළමනාකරු ටී ජී එස් ඒ ගමගේ මහතා හේනානිගලට ගොස් මේ පිළිබද අවශ්‍ය කටයුතු සොයා බැලුවා.