වංචා දූෂණයෙන් තොර නියම සුදුස්සෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
පූජ්‍ය රන්පත්විල විමලරතන ස්වාමීන් වහන්සේට සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ රයිගම් සල්පිටි හේවාගම් පස් යොදුන් සිව්කෝරලයේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක තනතුරට අදාළ සන්නස් පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළා. මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙනුයි එම උත්සවය මල්වතු මහා විහාර උපෝසතාගාරයේදී පැවැත්වුණේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/_0sP7vhFUQ4″]