fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධ්‍යාපන සුපරීක්ෂණ සේවා ආයතනයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2019 10:45

අධ්‍යාපන සුපරීක්ෂණ සේවා ආයතනයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය

මෙරට පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක බව වැඩිදියුණු කිරීමේ අරමුණෙන් අධ්‍යාපන සුපරීක්ෂණ සේවා ආයතනයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කළ ඉල්ලීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකා අධ්‍යාපන සුපරීක්ෂණ සේවාව නමින් ස්වාධීන ආයතනයක් ලෙසයි මෙය ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇත්තේ. සියලුම පාසල් සහ අනෙකුත් අධ්‍යාපන ආයතන නිෂ්චිත කාලසීමාවක් තුළ පරීක්ෂාවට ලක්කිරීම, සංවර්ධන යෝජනා සහ ප්‍රතිකාර්ය ක්‍රියාමාර්ග අදාළ බලධාරීන් වෙත වාර්තා කිරීම මෙම ආයතනය මගින් පූර්ණ කාලීනව සිදුකෙරෙන ප්‍රමුඛ කාර්ය වනවා. අධ්‍යාපන අමාත්‍යවරයාගේ නිර්දේශය සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ පුළුල් අත්දැකීම් සහිත කොමසාරිස් ජනරාල්වරයෙකු මීට පත්කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2019 10:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්