දූෂණ වංචා පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කාලය දීර්ඝ කර තිබෙනවා.
ඒ මාස තුනක් දක්වා. එම කොමිසන් සභාවේ කාලය ලබන 18 වෙනිදායින් අවසන්වීමටයි නියමිතව තිබුණේ. කාලය දීර්ඝ කිරීමත් සමඟ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ කාලය අවසන් වන්නේ ලබන ඔක්තෝබර් 18 වෙනිදා. එම කොමිසමේ සාමාජිකයන් සිදු කළ ඉල්ලීමකට අනුව මෙසේ කාලය දීර්ඝ කර ඇති බවයි ජනාධිපති කාර්යාලය සඳහන් කළේ.