රියඅනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් තුන් දෙනෙක් තුවාල ලැබුවා.
අද අලුයම කොළඹ නුවර ප්රධාන මාර්ගයේ යක්කලමුල්ල ප්රදේශයේ සිදුවූ රියඅනතුරකින් මියගොස් ඇත්තේ වේයන්ගොඩ ප්රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු ගමන් කළ මෝටර් රථය මාර්ගයේ ලිස්සා ගොස් ලොරි රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.
මේ අතර කුච්චවේලි ප්රදේශයේ සිදුවූ රියඅනතුරකින් වයස අවුරුදු 7 ක දරුවෙක් ජීවිතක්ෂයට පත්වුණා. සිද්ධියෙන් තුවාල ලැබූ තවත් තුන් දෙනෙකු ති්රකුණාමලය රෝහලේ ප්රතිකාර ලබනවා. යතුරුපැදියක් සහ ට්රැක්ටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුවුණා.