සෝමාලියාවේ හෝටලයකට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයන් දස දෙනෙකුට වඩා වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මිය ගිය සංඛ්‍යාව තවත් ඉහල යාහැකි බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. ප්‍රහාරයෙන් මාධ්‍යවේදී, දේශපාලනඥයන් ඇතුලු කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සෝමාලියා රජය තහවුරු කළා. මෝටර් රථයකින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර ඉන්පසුව තුවක්කුකරුවන් පිරිසක් හෝටලයට ඇතුල්වී තිබෙනවා. එම සන්නද්ධ කණ්ඩායම සහ ආරක්ෂක අංශ අතර වෙඩි හුවමාරුවක් සිදුවූ බවයි සෝමාලියා බලධාරීන් ප්‍රකාශ කළේ. පසුව තත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශ සමත් වුණා. සිද්ධිය සම්බන්ධයෙන් එරට කි‍්‍රයාත්මක අල් ෂබාබ් සංවිධානය වගකීම භාරගෙන තිබෙනවා. සිය සාමාජිකයන් ප්‍රහාරය එල්ල කළ බවයි එම සංවිධානයේ ප්‍රධානියා ප්‍රකාශ කළේ. විදේශිකයන් කිහිපදෙනෙකු ද ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වුණා.