fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාර්මික නිෂ්පාදන ඉහලට – ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 17:59

කාර්මික නිෂ්පාදන ඉහලට – ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

කාර්මික නිෂ්පාදන ඉහලගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. පසුගිය වසරේ මැයි මාසයට සාපෙක්ෂව කාර්මික නිෂ්පාදන දර්ශකය ඉහලගොස් ඇති බවයි  එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

ආර්ථික දර්ශකාංක ගණනාවක් ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ගණනන කරනවා. කාර්මික නිෂ්පාදන දර්ශකය මගින් ගණනය කෙරෙන්නේ කිසියම් කාලපරිච්ඡේදයක් තුළ ආර්ථිකයෙහි කර්මාන්ත අංශයෙහි ස්වරූපයයි. ඒ අනුව විදුලි උපකරණ, කඩදාස හා කඩදාසි ආශ්‍රිත නිෂ්පාදන, රසායනික හා රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන යන අංශවලින් කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කරන බවයි ජන ලේඛණ හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව තවදුරටත්  වාර්තා කරන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 17:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්