fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සබ්මැරීනයෙන් ගිය කොකේන් කිලෝග්‍රෑම් හත්දහස් හත්සියයක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 18:02

සබ්මැරීනයෙන් ගිය කොකේන් කිලෝග්‍රෑම් හත්දහස් හත්සියයක් අත්අඩංගුවට

දකුණු පැසිපික් සාගරයේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ සබ්මැරීනයක් ඇමෙරිකා වෙරළාරක්‍ෂකයින් අත්අඩංගුවට ගත්තා. ඒ අවස්ථාවේ කොකේන් කිලෝග්‍රෑම් හත්දහස් හත්සියයක් ප්‍රවාහනය කරමින් තිබුණා.

අඩි 40 ක් දිග සබ්මැරීනයෙන් මෙම කොකේන් ඇමෙරිකාවට රැගෙන යාමටයි සැලසුම් කර තිබුණේ. ඒවායෙහි වටිනාකම ඇමෙරිකා ඩොලර් මිලියන 232ක්. ඇමෙරිකාවට පැමිණෙන මත්ද්‍රව්‍යවලින් 80% ක් පමණ මුහුදු මාර්ගවලින් රැගෙන එන බවටයි හෙළිව ඇත්තේ. ඒවායෙන් 11%ක්ම ප්‍රවාහනය කරන්නේ සබ්මැරීන් ආධාරයෙන්.

 

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 18:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්