fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලංගමයට අලුතෙන් බස් රථ දෙදහසක්

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 18:01

ලංගමයට අලුතෙන් බස් රථ දෙදහසක්

භාණ්ඩාගාරයෙන් මුදල් නොගෙන ලංකා ගමනාගමන මණ්ඩලයට නව බස් රථ දෙදහසක් ලබා ගැනීමට කටයුතු කරන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ 25 වන සංවත්සර සැමරුම අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එල් පී ජයම්පති හා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ජනක මල්ලිමාරච්චි යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් ඇති කරමින් ගූගල් ට්‍රාන්සිට් විශේෂාංගය හඳුන්වා දීම ද මෙහිදී සිදුකෙරුණා. එම විශේෂාංගය මෙරටට සක්‍රීය කර ගැනීමට අවශ්‍ය වන දත්ත සමූහය ගූගල් ආයතනයට නිල වශයෙන් යොමු කිරීම මෙහිදී සිදුවුණා. මේ හරහා දෙස් විදෙස් ඕනෑම කෙනෙකුට මෙරට ඕනෑම ස්ථානයකට පහසුවෙන් ගමන් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ලබා දීම සිදුකෙරෙනවා. වසර 25 ක සේවා කාලයක් සැපිරූ කාර්ය මණ්ඩලයට තිළිණ ප්‍රදානය ඇතුලු වැඩසටහන් කිහිපයක් ද පැවැත්වීමටයි කටයුතු යොදා තිබුණේ.

අමාත්‍ය අර්ජුන රණතුංග,

 

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 18:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්