මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ.
කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 816 කට අධික ප්‍රමාණයක් ළග තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 12 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියා. ඔවුන්ගෙන් හතර දෙනෙකු අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ඔවුන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණේ.
මේ අතර හෙරොයින් කිලෝග්‍රෑම් 2 යි ග්‍රෑම් 85 ක් සමඟ අත්අඩංගුවට ගත් පාකිස්තාන ජාතිකයෙකු රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අවසර ලබාදුන්නා. ඒ එම කාර්යාංශය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි. කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයකදී ඉකුත් 10 වනදා මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා. ඔහු ලබන 15 වනදා තෙක් රදවාගෙන ප්‍රශ්න කිරීමටයි පොලීසියට අවසර ලබාදුන්නේ.